ලොක්කා කපෝතියි - පාස්කු ප්‍රහාරය ගැන දැනගෙන හිටි ‌ලොක්කකු ගැන රහසක් ‌එළියට - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 23, 2019

ලොක්කා කපෝතියි - පාස්කු ප්‍රහාරය ගැන දැනගෙන හිටි ‌ලොක්කකු ගැන රහසක් ‌එළියට

පාස්කු ප්‍රහාරය සිදුවීමට දින කිහිපයකට ‌පෙර එවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් තමන් ඉහළ ‌දේශපාලන ‌බලවතකු දැනුවත් කළ බව ඔත්තු ‌සේවාවල ‌රාජකාරී කළ හිටපු ප්‍රධානියකු සිය හිතවතුන් සමග ප්‍රකාශ ‌කොට ඇති බව වාර්තා ‌වේ.


තමා එසේ කළ දැනුම් දීමේදී අදාළ ‌දේශපාලන බලවතා ‘නිකම් කරදර කරන්නේ නැතිව ඉන්න’ යනුවෙන් තමාට පැවසූ බවද එම ඔත්තු ‌සේවා ප්‍රබලයා එහිදී සදහන් ක‌ොට ඇත.

ඔහුගේ ‌මෙම ප්‍රකාශයට අනුව එහි සිටි හිතවතුන් ඔහුගෙන් විමසා ඇත්තේ එසේනම් එවැන්නක් රටට ප්‍රකාශ ‌නොකළේ මන්ද යැයි කියාය.

ඊට පිළිතුරු ‌දෙමින් ‌මෙම හිටපු ඔත්තු ‌සේවා ප්‍රබලයා සදහන් ‌කොට ඇත්තේ ‘මගෙ ‌බෙල්ලත් කැපෙන්න තිබුණා එහෙම කළා නම්….’ කියාය.

වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසු ‌මෙම ප්‍රබලයා‌ගේ තනතුරු ‌වෙනස් වී ‌පොලිස් මූලස්ථානය ‌වෙත මාරුවීමක් ලබා දීමට පියවර ‌ගෙන තිබිණ.

No comments:

Post a Comment

Post Bottom Ad