හතේ අපේ පොත අසභ්‍යයි, වහාම තහනම් කරන්න - අභයතිස්ස හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 24, 2019

හතේ අපේ පොත අසභ්‍යයි, වහාම තහනම් කරන්න - අභයතිස්ස හිමි

සුගිය රජය සමයේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් පාසල්වල 07 වසර සිසු-සිසුවියන් සඳහා ලබා දී තිබෙන 'හතේ අපේ පොත' වහාම තහනම් කිරීමට කටයුතු කරන ලෙස මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි රජයෙන් ඉල්ලා සිටී. ඊයේ (24) පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා බව පවසමින් ලබා දී ඇති මෙම පොත කුඩා දරුවන්ගේ මල්වැනි සිත් දූෂණය කරන ග්‍රන්ථයක් ලෙස හැඳින්විය හැකි බවයි අභයතිස්ස හිමි පෙන්වා දෙන්නේ. ඒ නිසා මෙම පොත වහාම තහනම් කළයුත් බව අභයතිස්ස හිමි අවධාරණය කරයි.

මෙම පොත කුඩා දරුවන්ට තබා වැඩිහිටියන්ට හෝ කියවිය නොහැකි තරමේ අසභ්‍ය වචන අඩංගු පොතක් බවත්, මෙය සාමාන්‍ය සිදුවීමක් නොව, රටේ දරු පරපුරට සංකර ගති පුරුදු කිරීම සඳහා ගෙනයන සංවිධානාත්මක වැඩපිළිවෙලක් බවත් මාධ්‍ය හමුවේදී අවධාරණය ‍කෙරිණි.

මෙම ග්‍රන්ථය තහනම් කිරීමෙන් නොනැවතී, හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට එරෙහිව නීතිමය පියවර ගතයුතු බවද අභයතිස්ස හිමි පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad