සජිත්ට මැදකොළඹ සංවිධායකම දෙන්න රනිල් එකග වෙයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 26, 2019

සජිත්ට මැදකොළඹ සංවිධායකම දෙන්න රනිල් එකග වෙයි.

එළඹෙන මහ මැතිවරණයේදී හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග කිරීමට අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එකඟතාව පළ කර ඇතැයි වාර්තා වනවා.

අග‍්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස රට වටා යාමට සිදුවන නිසා අපහසුවකින් තොරව ජය ගත හැකි දිස්ත‍්‍රික්කයකින් තරග කිරීමට සජිත් පේ‍්‍රමදාසට අවස්ථාව ලබාදීම වරදක් නොවන බවයි රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් තමන් කොළඹ දිස්ති‍්‍රක්කයෙන් තරග කරන්නේ නම් හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ පුරප්පාඩුවන අපේක්‍ෂක ධුරයට තමන් නම් කරන අයෙකු තරග කළ යුතු බව හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ අදහස වී තිබෙනවා.
-nethnews

No comments:

Post a Comment

Post Bottom Ad