සුදු වෑන් රථයකින් පැහැර ගත්තේ ඇයි පවසන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාව ගිලන් වූ පුද්ගලයන් ගෙනයන ගුවන් යානයකින් ස්විට්සරලන්තයට ගෙන යන බව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත.
නමුත් ශ්‍රී ලංකා රජය ප්‍රතිචාර දක්වා ඇත්තේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණ සිදුකරන නිසා තානාපති මුක්තිය යටතේ හෝ රටින් පිටතට ගෙන යන්නේ නම් එය ද සිදුවී ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීති වලට අනුකූලව බවයි.
අදාල කාන්තාව සමගින් ඇයගේ පවුලේ සාමාජිකයන්ද ස්යිට්සරලන්තයට ගෙන යන බව දන්වා ඇත්ත් ඔවුනට ඇත්තේ කුමන අසනීපයක්දැයි දන්වා නැත.
මේ මෙම කාන්තාවන් රෝගී තත්ත්වයකින් රෝහල්ගතව සිටින බව තානාපති කාර්යාලය කියා සිටියද මෙට කිසිදු රෝහලකින් ඒ පිළිබඳව කිසිදු තොරතුරක් ශ්‍රී ලංකා පොලිසිය වෙත අනාවරණය වී නැත.
මෙම කාන්තාව මේ වන තෙක් පොලිසියට පැමිණිලි කර නැති අතර සිදුවීම ගැන අත්‍යවශ්‍ය කරුණු දැන ගැනීමට ප‍්‍රකාශයක් ලබා ගැනීමට හෝ පොලීසියට ඉඩ දී නැත. අසනීප වී ඇත්තේ නම් අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු මාර්ගයෙන් පරීක්‍ෂාවක් කල යුතු වුවත් ඊටද මෙතෙක් අවස්ථාව දී නැත.
මේ අතර වාර්තා වන්නේ දැනට සිදුකර ඇති සීසීටීවී කැමරා පරීක්ෂාවකදී පරික්ෂාවන් වලදී තානාපති කාර්යාල විසින් ලබාදෙන ලද සියලු තොරතුරු අසත්‍ය බවයි.
දැනට පරික්ෂා කිරීමට ඇත්තේ ජපාන තානාපති කාර්යාලය පිටුපස කැමරාව පමණකි.
Sunday, December 1, 2019
Home
ප්රවෘත්ති
පැහැර ගත් කාන්තාව පවුල පිටින් ගුවනින් ස්විට්සරලන්තයට ගෙන යන බව ස්විස් තානාපති කියයි.. ශ‍්‍රී ලංකා රජය විරුද්ද වෙයි
පැහැර ගත් කාන්තාව පවුල පිටින් ගුවනින් ස්විට්සරලන්තයට ගෙන යන බව ස්විස් තානාපති කියයි.. ශ‍්‍රී ලංකා රජය විරුද්ද වෙයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment