එමගින් මගනැගුම තුළ පවත්නා යන්ත්‍රෝකරණ හා රථවාහන කාර්යක්ෂම ලෙස මාර්ග සංවර්ධන කටයුතු සඳහා භාවිතයට ගත හැකි බවත් ඒ තුළින් මගනැගුම ආයතනයට ද ආදායමක් ඉපයිය හැකි බවත් ගරු අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ පසුගියදා “මගනැගුම” කාර්යාල පරිශ්‍රය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පැවති සාකච්ඡාවක දී අදහස් දක්වමිනි.
මගනැගුම ආයතනයෙහි නිරීක්ෂණයක යෙදුණු ගරු අමාත්‍යවරයා එහි භාවිතයට නොගන්නා ලද හා අතහැර දමා ඇති රථ වාහන සහ යන්ත්‍රෝපකරණ පිළිබඳව සිය අවධානය යොමු කළේය. ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාවට නංවන මාර්ග සංවර්ධන ව්‍යාපෘති වල දී මේ පිළිබඳ අවධානය යොමු කොට අවශ්‍ය යන්ත්‍රෝපකරණ හා උපකරණ මගනැගුම ආයතනයෙන් ද ලබාගැනීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබාදුන්නේය.
පවතින සම්පත් උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීම සහ නිරපරාදේ සම්පත් නාස්ති වී යාම වැළැක්වීමේ අභිප්‍රායෙන් ගරු අමාත්‍යවරයා මෙම තීරණයට එළඹී ඇති අතර ඒ අනුව සම්පත් කාර්යක්ෂමව ප්‍රයෝජනයට ගැනීම සඳහා කටයුතු කරන ලෙස ත් ගරු අමාත්‍යවරයා නිළධාරීන්ට පැවසීය.


No comments:
Post a Comment