ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) නව සභාපතිවරයා ලෙස කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විකලාංග ඒකකයේ වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ද පත් කර ඇත.
අම්පාර දිස්ත්‍රීක්කයේ පාසල් කිහිපයක මුලික අධ්‍යාපනය ලබා ඇති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ද ආදි ශිෂ්‍යකි.
අනතුරුව මොහු රුසියාවේ මොස්කව් මෙඩිකල් ඇකඩමියෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන තිබේ.
පොළොන්නරුව මහරෝහලේ සීමාවාසික පුහුණුව නිමකළ වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ වසර 2001 සිට 2009 දක්වා පොලොන්නරුව පුලස්ථි ග්‍රාමීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී සේවය කළේ උතුරේ යුධ ගැටුම් වලින් එම ප්‍රදේශය පුරා දැඩි භීෂණ තත්වයක් පවා තිබියදීය.
එහිදී එම රෝහල මධ්‍යම පරිමාණ කාණඩය යටතේ දිවයිනේ හොඳම රෝහල බවට පත්වූ අතර ඒ සඳහා 2007 ඵලදායිතා සම්මානය ලැබීය.
තවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2008 වසරේ සංවිධානය කළ සෞඛ්‍ය විශිෂ්ඨතා සම්මාන උළේලේදී දිවයිනේ හොඳම වෛද්‍යවරුන් 05දෙනා අතරට වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ ද තේරී පත්විය.
හෙතෙම 2009 වසරේ සිට මේ දක්වා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විකලාංග ඒකකයේ සේවය කරයි.
වසර 2015 සිටම වියත්මඟ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන වෛද්‍ය ඉන්ද්‍රවංශ එහි විධායක කමිටුවේ සාමාජිකයෙක්ද වේ.
උත්පල ඉන්ද්‍රවංශට අම්පාර ප්‍රදේශයේ පදිංචියට යාමට සිදුවුයේ ගුරුවරුන් දේපලක් වූ ඔහුගේ මව හා පියාණන් 60 දශකයේ මුල් භාගයේදී ඇරඹි 'අම්පාර පුනරෝදය' වැඩසටහන යටතේ එම දිස්ත්‍රීක්කයේ රාජකාරි කටයුතු සඳහා අනුයුක්ත කර තිබිම නිසාය.
ඔහුගේ දෙමාපියන් එකල එම ප්‍රදේශයේ පාසල් දරුවන්ගේ යහපත උදෙසා විශාල මෙහෙයක් ඉටුකර තිබු අතර ජනප්‍රිය ගුරුවරියකු වූ ඔහුගේ මව වන නන්දා ඉන්ද්‍රවංශ පසුකලෙක ශ්‍රීලනිප නියෝජනය කරමින් මහ මැතිවරණයකට ද ඉදිරිපත්ව ඇත.
Wednesday, December 25, 2019
යුධ ගිනි මැද ජනතා සේවයට කැප වූ දොස්තර උත්පල ඉන්ද්‍රවංශ SPMC සභාපතිකමට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment