එල්.ටී.ටී.ඊ. මුදල්වලින් MGMR Networks (Pvt) Ltd හට අයත් මැක්ස් රූපවාහිනී නාලිකාව මිලදී ගැනීමට උත්සාහ කළ ඒෂියන් ඉන්ෆෝටෙක් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් තමිල්නාඩුවට පැනගොස් ඇතැයි වාර්තා වේ.
මෙසේ පැනගොස් ඇති පුද්ගලයා ශ්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රයක් හිමිඅයකු බව පැවසේ.
ඒෂියන් ඉන්ෆෝටෙක් සමාගම මැක්ස් රූපවාහිනිය මිලදී ගැනීමට සියලු කටයුතු සූදානම් කර MGMR Networks (Pvt) Ltd හි අධ්‍යක්ෂ මණ්ඩලට එක් කිරීමට සැලැසුම්කර තිබූ සාමාජිකයන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නිෂ්කාශන සහතික ලබා ගැනීමට උත්සාහ කිරීමේදී ආරක්ෂක අමාත්‍යංශය විසින් නොවැම්බර් 15 වැනිදා MOD / TEC / 01 / MGMR Network / 2019 (04) යන ලිපි අනු අංකය මගින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට හා ජනමාධ්‍ය අමාත්‍යංශයට දන්වා ඇත්තේ අදාළ සමාගමේ සාමාජිකයන් කිහිපදෙනෙකු සෘජුවම එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ බවයි.
එසේ උත්සාහ කළ දෙදෙනෙකුට මේ චෝදනාව බරපතලව එල්ලවී ඇති අතර පසුව ඔවුන් අදාළ අධ්‍යක්ෂ මණ්ඩලවලින් ඉවත්ව තිබේ.
මෙසේ ඉවත්වූ අය අතරින් එක් අයෙකු මූල්‍ය අර්බුදයකට මුහුණපා තිබූ ඊඒපී ව්‍යාපාර සමූහය, සතු මෙරට ප්‍රමුඛ පෙළේ රූපවාහිනී නාලිකාවක් වන 'ස්වර්ණවාහිනී’ නාලිකාව ඇතුළු වත්කම් වලින් කොටසක් මිලදී ගත් බෙන් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ (Ben Holdings Pvt) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු බව පැවසේ.
වසර 2013 දක්වා ඊඒපී නෙට්වර්ක්ස් විසින් පාලනය කරන ලද ස්වර්ණවාහිනී, ශ්‍රී එෆ්එම්, ඊටීවී, ඊඑෆ්එම් හා රන්වන් එෆ්.එම්. යන නාලිකා වර්තමානයේ පාලනය කරනු ලබන්නේ ඊඒපී බ්‍රෝඩ්කාස්ටින් පුද්ගලික සමාගම (EAP Broadcasting Company Limited) විසිනි.
ඊඒපී නෙට්වර්ක්ස් සමාගමේ කොටස් වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් 2016 දෙසැම්බර් මාසයේදී හිමිකරගත් ඊඒපී සමූහ ව්‍යාපාරය යටතේ තිබූ මූල්‍ය සමාගමක් වන සීමාසහිත ඊ ටී අයි ෆිනෑන්ස් සමාගම බෙන් හා සීමාසහිත බ්ලූසමිට් කැපිටල් ආයතන විසින් අදාළ සමාගම පවරා ගන්නා විට ඉන් ඉවත් කර තිබීම මේ ගනුදෙනුවේ තවත් ගැටලු සහගත එකකි.
කෙසේවුවද, මේ මිලදී ගැනීමෙන් පසුව 2017 මාර්තුවේදී ඊ ටී අයි ෆිනෑන්ස් සමාගම රුපියල් බිලියන 17.5 ක හිඟයක් වාර්තා කර තිබිණි. ඊ ටී අයි ෆිනෑන්ස් සමාගම සතුවූයේ ජනතාවගේ තැන්පත් මුදල්ය.
මේ වන විට අදාළ සමාගම බංකොලොත්වීම නිසා ජනතා තැන්පතු ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.
ඊඒපී නෙට්වර්ක්ස් මිලදී ගැනීමට එල්.ටී.ටී.ඊ. යේ මුදල් ආ ආකාරය ඉදිරියේදී අපි හෙළිකරන්නෙමු.
Wednesday, December 25, 2019
මැක්ස් මිලදී ගන්න ගිය LTTE අධ්‍යක්ෂ රටපනියි: අනිත් අධ්‍යක්ෂ ස්වර්ණවාහිනියේ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment