රුපියල් මිලියන 1000 කට අධික මුදලක් වැයකොට ඉන්දියාවෙන් ගෙන්වා ඇති M - 11 වර්ගයේ දුම්රිය එන්ජින් දහය අධික බරකින් යුක්ත වීම හේතුවෙන් ඒවා මෙරට දුම්රිය මාර්ගවල ධාවනය කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ.
මෙම එන්ජින්වලින් 2ක් ධාවනයට එක් කළද එම එන්ජින් දෙකම දුම්රිය පීලි මත පෙරළී යෑම හේතුවෙන් දැඩි විනාශයක් සිදුවී තිබේ.
මෙරට දුම්රිය මාර්ග පද්ධතියට මෙම ටොන් 120ක පමණ බරකින් යුක්ත දුම්රිය එන්ජින් කිසිසේත්ම ඔරොත්තු නොදන බැවින් දුම්රිය පීලි ඇදවී හානියට පත්වී ඇති බවද පැවසේ.
ඇමති විශේෂ පරීක්ෂණයක් ඉල්ලයි
මෙම එන්ජින් මෙරටට ගෙන්වීමට අනුමැතිය ලබා දුන් හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සහ තාක්ෂණික කමිටුව පිළිබඳවද මෙම එන්ජින් සම්බන්ධවද විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට මගී ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා දුම්රිය බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (කාර්මික) ඩබ්ලිව්. ජී.ටී.එල්. වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ප්‍රධාන ඉංජිනේරු(මාර්ග හා කර්මාන්ත) ප්‍රියා ප්‍රනාන්දු සහ ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න යන මහත්වරු කටයුතු කරති.
වැකුම් තිරිංග නොමැති වීම අවාසිදායකයි
මෙම එන්ජිම්වල වායු සම්පීඩන තිරිංග පද්ධතියක් පමණක් ඇති අතර වැකුම් තිරිංග නොමැති වීම අවාසිදායක කරුණක් වන බව දුම්රිය දෙපාර්තමේන්තු සේවකයකු අප සමඟ පැවසීය.
මෙතෙක් ලංකාවට ගෙන එන ලද සෑම එන්ජිමකම වැකුම් තිරිංග ඇති අතර ඊට හේතුවී ඇත්තේ අදටත් ලංකාවේ වැඩිපුර ඇත්තේ වැකුම් තිරිංග සහිත මැදිරිවීම බවය.
Monday, January 6, 2020
බර වැඩි නිසා රේල් පීලි ඇද ගහලා, මිලියන 1000ක් ගෙවූ ඉන්දියාවේ එන්ජින් කොටඋඩ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment