නීතිපතිට උඩින් ජනාධිපතිගෙන් නියෝගයක්.. විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම නවතී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 24, 2020

නීතිපතිට උඩින් ජනාධිපතිගෙන් නියෝගයක්.. විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම නවතී !

හධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම වහාම නවත්වන්න ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇතැයි අද පාර්ලිමේන්තුවේදී හෙලි විය.

ජාතික නිදහස් පෙරමුණු නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

යම් හෙයකින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූයේ නම් එය මෙරට අධිකරණ ක්ෂේත්‍රයට බරපතළ වියවුලක් ඇති කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

නීතිපතිවරයා නියෝග කර තිබුනේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිප්ත කරන ලෙසයි.


No comments:

Post a Comment

Post Bottom Ad