බැඳුම්කරය දැන් රාජපක්ෂ පාලනයට පාරාවළල්ලක් වෙලා - රාජිත - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 25, 2020

බැඳුම්කරය දැන් රාජපක්ෂ පාලනයට පාරාවළල්ලක් වෙලා - රාජිත

බැඳුම්කර වංචාව පිළිබඳ සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයට පහරදුන් රාජපක්ෂ පාලනයට අද එය පාරාවළල්ලක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

"බැඳුම්කර ගැන ගැහුවට මේ ආණ්ඩුවට දැන් ඒක පාරාවළල්ලක් වෙලා තියෙනවා. රාජපක්ෂ රජයට. මේ වෝහාරික වාර්තාවේ දැන් තියෙන ප්‍රශ්නයක් තමයි මහබැංකුව මේ වෝහාරික වාර්තාව පාර්ලිමේන්තුවට එවලා තිබෙන්නෙ ඒකෙ ඇමුණුම් නැතුව. ඒකට සම්බන්ධ පුද්ගලයින්ගෙ නම් ගම් ඔක්කොම තිබෙන්නෙ ඒ ඇමුණුම් වල. ඒ නිසා ගරු කථානායකතුමා දැන්  කියලා තියෙනවා වහාම ඒ ඇමුණුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. අන්න එතකොට අපේ බැඳුම්කරයෙත් එදා බැඳුම්කරයෙත් ඉන්න නියම චූදිත දූෂිතයින් කවුද කියලා හොයා ගත්ත හැකියි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (25) කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad