ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ දී සිදුකරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය මීට අවුරුදු පහකට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
රාජපක්‍ෂ පරම්පරාව ගැන පැවසූ කොටස හැරුණු කොට ඔවුන් දෙදෙනා විසින් කරන ලද කතාවන්හි කිසිදු වෙනසක් නැතැයිද ඔහු සඳහන් කළේය.
කතා කළ ආකාරයට ප්‍රතිඵල තිබේදැයි තමන්ට සැක බව ද පැවසූ ෆොන්සේකා මහතා ජනතාව බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබේ යැයි තමන් විශ්වාස නොකරන බවද පැවසීය.
ආරක්ෂාව දැන් තහවුරු බවට ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන ෆොන්සේකා මහතා සඳහන් කරන්නේ බුද්ධි අංශවල තනතුරු දෙකක් වෙනස් වූ පමණින් ආරක්ෂාව තහවුරු විය නොහැකි බවයි.
පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම මේ බව කියා සිටියේය.
Friday, January 3, 2020
ගෝටාභයයි සිරිසේනගෙයි කිසි වෙනසක් නෑ..- ෆොන්සේකා
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment