දිනේෂ් සහ ජොන්ස්ටන් නව තනතුරු වල වැඩ භාර ගනී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 2, 2020

දිනේෂ් සහ ජොන්ස්ටන් නව තනතුරු වල වැඩ භාර ගනී !

භානායකවරයා ලෙස පත් කරන ලද විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ රජයේ ප්‍රධාන සංවිධායක ලෙස නම් කරන ලද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (03) සිය නව තනතුරුවල වැඩ භාරගෙන තිබෙනවා.

නව තනතුරු සඳහා ඔවුන් ඒකමතිකව තේරී පත් කරවූයේ රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම විසිනි.

මේ අතර රාජ්‍ය ඇමතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ කෙහෙළිය රඹුක්වැල්ල මහතා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පත්කර තිබේ.

අද(03) කැබිනට් තීරණ ප්‍රකාශයට පත්කිරීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad