කොරෝනා නිසා කෝටි හයහමාරක ජනතාවක් මිය යයි..- එජාපය කියයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 28, 2020

කොරෝනා නිසා කෝටි හයහමාරක ජනතාවක් මිය යයි..- එජාපය කියයි..

චීන මූලික කරගෙන ඇතිවී තිබෙන නව කොරෝනා වෛරසය හේතුවේන් ලොව පුරා මිලියන 65ක පමණ ජනතාවක් මිය යා හැකි බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සඳහන් කරයි.

ඇමරිකානු විද්‍යඥයෙක් මේ බව කියා ඇති බව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසීය. ‍

ශ‍්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා ප්‍රමාණවත් පරිදි පර්යේෂණාගාර පහසුකම් නැති බවද ඔහු සඳහන් කළේය.

ආණ්ඩුව ඉක්මනින්ම කළ යුත්තේ පර්යේෂණාගාර සදහා එම පහසුකම් ඉක්මනින්ම ලබා දීම බව ඔහු එහිදී කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad