ගෝඨාගේ කතාවට මෛත්‍රී–චන්ද්‍රිකා පිටුපාති - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 3, 2020

ගෝඨාගේ කතාවට මෛත්‍රී–චන්ද්‍රිකා පිටුපාති

ටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ආරම්භ කළ උත්සවයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදු කළ රාජාසන කතාවට සවන්දීම සඳහා හිටපු ජනාධිපතිවරුන් කිසිවකු නොපැමිණීම විශේෂ සිද්ධියක් විය.
සම්ප්‍රදාය අනුව හිටපු ජනාධිපතිවරුන්, තානාපතිවරුන්, අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුන්, නීතිපතිවරයා ඇතුළු ප්‍රභූවරුන්ට ආරාධනා කළ අතර ඒ සඳහා සහභාගි වීමද සාමාන්‍ය සිරිතකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නව පාර්ලමේ සැසිය ඉතා චාම් ලෙස විවෘත කළ අතර එම උත්සවය සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියටද ආරාධනා කර තිබිණි.

කෙසේ වෙතත් ඔවුන් කිසිවකු එම උත්සවය සඳහා නොපැමිණීමද කාගේත් කතාබහට ලක්විය.

– aruna


No comments:

Post a Comment

Post Bottom Ad