මහ කන්නයේ ජනපති ප්‍රතිපත්තියට වී ගත්තොත් හාල් කාල හමාරයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 3, 2020

මහ කන්නයේ ජනපති ප්‍රතිපත්තියට වී ගත්තොත් හාල් කාල හමාරයි !

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මහ කන්නයේ සිට ගොවීන්ගෙන් වී මිලදී ගන්නා මිල ගණන් අනුව දැනට රජයේ පාලන මිලට සහල් ලබා දීමට නොහැකිවනු ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා කියයි.
‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ලෙස ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව නාඩු වී කිලෝග්‍රෑමය රුපියල් 52 කටත්, සම්බා කිලෝව රුපියල් 57 කටත්, කීරි සම්බා කිලෝව රුපියල් 63 කටත් මිලදී ගන්නා බවට එහි සඳහන් කර ඇත.

එම පොරොන්දුවට අනුව වී මිලදී ගතහොත් රජය හා මෝල් හිමියන් අතර වී සහල් කිරීමේ සූත්‍රය අනුව 2:1 අනුපාතය අනුව නාඩු සහල් (52×2:1) කිලෝවක් රුපියල් 109 කටත්, සම්බා සහල් (57×2:1) කිලෝවක් රුපියල් 119 කටත් කීරිසම්බා සහල් (63×2:1) කිලෝවක් රුපියල් 132 කටත් අලෙවි කිරීමට සිදුවන බව පැවසේ.

කෙසේ වෙතත් පසුගිය ආණ්ඩුව සමයේ නාඩු වී කිලෝවක් රුපියල් 38 කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 41 කටත් මිලදී ගත් අතර මේ වන විට එම වී වලින් නිෂ්පාදනය කරනු ලබන නාඩු සහල් කිලෝවක් රුපියල් 98 කටත්, සම්බා සහල් 99 කටත් අලෙවි කළ යුතු බවට අති විශේෂ ගැසට් පත්‍රයක් පළකරමින් සහල්වලට පාලන මිලක් පනවා තිබේ.

මූලාශ්‍රය - අරුණ


No comments:

Post a Comment

Post Bottom Ad