කිරිපිටි ගැන වාර්තාවක් ඉල්ලයි, විස කිරිපිටි භාවිතයට ඉඩදීම දඬුවම් ලැබිය හැකි වරදක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 28, 2020

කිරිපිටි ගැන වාර්තාවක් ඉල්ලයි, විස කිරිපිටි භාවිතයට ඉඩදීම දඬුවම් ලැබිය හැකි වරදක් !

දෙස් විදෙස් කිරිපිටි පරිභෝජනයට සුදුසු ද නුසුදුසුද යන්න සොයා බලා වහාම වාර්තාවක් ලබාදෙන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලීමක් කරයි.
ආනයනික කිරිපිටි භාවිතය නිසා ලෙඩ රෝග 21 ක් වැළඳෙන බවට ප‍්‍රකාශ කරන බවත්, එය සත්‍ය ද අසත්‍ය ද යන්න සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා රටට ප‍්‍රකාශයක් නිකුත් කළ යුතු බවද එහි සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.

ඒ මහතා ඒ බව පැවසූවේ ඊයේ (27) බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පත් කළ කමිටුව මගින් නිකුත් කළ ශ‍්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලූ පිළිබඳ අතුරු වාර්තාවට අනුව එම කිරිපිටි භාවිතට සුදුසු බව නිර්දේශ කර තිබෙන බවද හෙතෙම පැවසීය.

 මේ ගැන පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්න

මේ වන විට ශ‍්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලූ පිළිබඳ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවේ තිබෙන බවත් එම වාර්තාව තවදුරටත් පාර්ලිමේන්තුවේ සඟවා තබන්නේ නැතිව විවාදයට ගන්නා ලෙසත් මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

කිරිපිටි භාවිතයට නුසුදුසු නම් ඒ සඳහා විකල්පයෙන් රජයෙන් බලාපොරොත්තු වන බවද දැන දැනම විස සහිත කිරිපිටි භාවිතයට ඉඩදීම බරපතල දඬුවම් ලැබිය හැකි වරදක් බවද ඔවුන් වැඩිදුරටත් වාර්තා කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad