රනිල් එලවන්න මලික්ගෙ නිවසේ රහස් සාකච්ඡාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 3, 2020

රනිල් එලවන්න මලික්ගෙ නිවසේ රහස් සාකච්ඡාවක්

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස් ‌දෙදෙනකු ඊ‌යේ (03) රාත්‍රියේ මලික් සමරවික්‍රම මහතාගේ නිවෙසේ රැස්වී විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති බව දැනගන්නට තිබේ.

මෙහිදී දැනට මතුව පවතින පක්ෂ නායකත්ව අර්බූදය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා වී ඇති අතර වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් ‌නොවුණහොත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ජා කර ඇත.

මෙහිදී රැස්ව සිටි මන්ත්‍රීවරුන් සියලු ‌දෙනාම පාහේ දැනුම් දී ඇත්තේ වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් ‌නොවන්නේ නම් ඉදිරි මහමැතිවරණයේදී වෙනම සන්ධානයකින් තරග වැදීමට කටයුතු කළ යුතු බවකි.

ඊට සියලු ‌දෙනාගේම එකගතාව පළවී ඇති බව දැනගන්නට ඇති අතර එම තීන්දුව වික්‍රමසිංහ මහතා ‌වෙත දැනුම් දීමටද තීන්දු වී ඇති බව දැනගන්නට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad