චීන්නුන්ට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීමට වීසා දීම අත්හිටුවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 27, 2020

චීන්නුන්ට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීමට වීසා දීම අත්හිටුවයි

ටුනායක ගුවන් තොටුපලේ දී චීන ජාතිකයන් සඳහා වීසා ලබා දීම නතර කිරීමට තීරණය කළ බවත් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

නැවත දැනුම් දෙන තුරු මෙම තීරණය ක්‍රියාත්මක බව ද ඇය සඳහන් කළාය.

ඒ අනුව ඉදිරියේ දී චීන ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම් ඔවුන් චීනයේ ශ්‍රී ලංකාව තානාපති කාර්යාලයෙන් වීසා ඉල්ලුම් කර එය ලබාගෙන පැමිණිය යුතුය.

එහිදී වීසා ලබාදීමේදී පැමිණෙන ප්‍රාන්ත සහ අදාළ කාරණා නිරීක්ෂණය කිරීමෙන් පසුව වීසා ලබාදීම හෝ නොදීම තීරණය කරන බව ද ඇමැතිවරිය සඳහන් කළාය.


No comments:

Post a Comment

Post Bottom Ad