පිවිතුරු හෙල උරුමයේ පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
පොලිස් අත්අඩංගුවට පත් වුණු රන්ජන්ගේ දුරකතන සංවාද මාධ්‍යයට ආවේ කොහොමද කියලා සමහරු ප්‍රශ්න කරනවා මම දැක්කා. ඒවා පොලිසියට දුන් පුද්ගලයාම තමයි සමාජ ජාලා වලට මුදා හැරියේ. ඒ වගේම විවිධ සංවිධාන සහ දේශපාලකයින්ට ලබා දුන්නේ.
රන්ජන් සෑම දුරකතන ඇමතුමක්ම ස්වයං පටිගත වන ඇප් එකක් දුරකතනයේ දාගෙන ඉන්නේ. දුරකතනයේ ඉඩ මදි වුණාම දුරකතනයේ තිබෙන සංවාද හාඩ් ඩිස්ක් වලට සීඩී තැටි වලට පිටපත් කරලා අරන් තියනවා. මේ වැඩේ කරලා දෙන මිත්‍රයෙක් තමයි සියල්ල පිටපත් කරලා පොලිසියට ලබා දෙන්නේ.
මේ පුද්ගලයා මේ සංවාද කලින් හෙළිදරව් නොකලේ එහෙම කලානම් රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා ඔහු සතුව තියෙන මුල් පිටපත් විනාශ කලානම් මේ මහා අපරාධය, අධිකරනයට හා විරුද්ධවාදී දේශපාලකයන්ට සිදු වූ අපරාධය ලොවට හෙළි දරව් කරගන්න බැරිවෙනවා.
ඒ නිසා පොලීසිය විසින් මුල් පිටපත් අත් අඩංගුවට ගන්නා තුරු මේවා ප්‍රසිද්ධ කලේ නෑ. මේ සංවාද අඩංගු තැටි අත්අඩංගුවට ගන්න තමයි පොලිසිය ගේ වට කරන්නේ. නිල් චිත්‍රපට සහ බලපත්‍ර නැති පිස්තෝලය පරික්ෂාවේ දී සොයා ගත් අතුරු සිල්ලර කාරණා.
– අරවින්ද අතුකෝරල
-lankacnews.
Tuesday, January 7, 2020
රන්ජන්ගේ හඬ පට තොගය සමාජ ජාලවලට ආ විදිහ මෙන්න.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment