නාමයෝජනා නොදුන්නොත් භික්ෂූන් වහන්සේලා අලුත් පක්ෂයකින් මැතිවරණයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 26, 2020

නාමයෝජනා නොදුන්නොත් භික්ෂූන් වහන්සේලා අලුත් පක්ෂයකින් මැතිවරණයට

මීළඟ මහ මැතිවරණයේදී භික්ෂූන් වහන්සේලාට නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙන් පසුගිය සමයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනා. ඒ අනුව  දැනට සෘජුවම දේශපාලනයට පිවිසී සිටින හිමිවරුන් ‘සඟ පෙරමුණ’ නමින් නව සංවිධානයකින් මැතිවරණයට ඉදිරිපත් වීම කෙරෙහි සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
ඒ  භික්ෂූන් වහන්සේලාට මීළඟ මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදිය යුතු බවට තවත් භික්ෂූන් වහන්සේලා කණ්ඩායමකින් ලැබී ඇති ඉල්ලීමක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්.

ඒ අනුම මේ සම්බන්ධයෙන් පසුගිය සති අන්තයේ රාජගිරිය ප්‍ර‍ද්ශයේ පිහිටි විහාරස්ථානයක ඒ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වා ඇති අතර එම සාකච්ඡාවට දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන, නියෝජනය කළ හා විවිධ සංවිධානවල ක්‍රියාකාරී ස්වාමීන් වහන්සේලා සහභාගි වී සිටි බවයි වාර්තා වුනේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පූජ්‍ය බද්දේගම සමිත හිමියන්ගෙන් කළ විමසුමකදී උන්වහන්සේ ප්‍රකාශ කළේ එවැනි සාකච්ඡාවක් පැවතියත් ප්‍රමුඛව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නොකළ බවයි.

‘‘දේශපාලනය කරන ස්වාමීන් වහන්සේලා සුළු පිරිසයි ඉන්නේ. මේ ආණ්ඩුව බලයට පත්වුණේ ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයෙන්. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා මූලික අයිතිවාසිකම් තහවුරු කිරීම සම්බන්ධයෙන්. මම ප්‍රාදේශීය සභාව, පළාත් සභාව, පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා. ලංකා සම සමාජ පක්ෂයට ලැබෙන අපේක්ෂක කෝටාවෙන් තමයි මම ඉල්ලන්නේ. තාම අපේක්ෂත්වය නොදෙනවා කියලා තීරණයක් නැහැනේ. එහෙම වුණොත් වෙනත් ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා කියලා පමණක් සාකච්ඡා කළා’’


No comments:

Post a Comment

Post Bottom Ad