ගෝඨාභයගේ රජය ප්‍රති ත්‍රස්‌ත පනත ඉවත් කර ගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 3, 2020

ගෝඨාභයගේ රජය ප්‍රති ත්‍රස්‌ත පනත ඉවත් කර ගනී

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නියෝගය මත යහපාලන රජය කෙටුම්පත් කර තිබූ ප්‍රති ත්‍රස්‌ත මර්දන පනත ඉවත් කර ගැනීමට වත්මන් රජය තීරණය කර ඇත.

 මෙම පනත හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.

 බ්‍රිතාන්‍යයේ ත්‍රස්‌ත මර්දන පනතට සමානව කෙටුම්පත් වූ මේ ත්‍රස්‌ත මර්දන පනත වහාම ක්‍රියාත්මක කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌ව සිටි සෙයිද් රාද් හුසේන් මෙන්ම වත්මන් කොමසාරිස්‌ මිචෙලි බැචලට්‌ ද ශ්‍රී ලංකා රජයට දන්වා තිබිණි.

 මේ හැර ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යයද මෙම ප්‍රතිත්‍රස්‌ත මර්දන පනත ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.

 තම රජය ප්‍රති ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කිරීමට ගත් තීරණය මානව හිමිකම් කවුන්සිලයේ ඉල්ලීම සෘජුව ප්‍රතික්‍ෂේප කිරීමක්‌ වේ.
-Divaina.

No comments:

Post a Comment

Post Bottom Ad