ඉන්දියාවේ නීලන්ෂී ලොව දිගම කෙස් කළඹ හිමි යෞවනිය ලෙස ගිනස් පොතට [PHOTOS] - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 26, 2020

ඉන්දියාවේ නීලන්ෂී ලොව දිගම කෙස් කළඹ හිමි යෞවනිය ලෙස ගිනස් පොතට [PHOTOS]

වර්තමාන ලෝකයේ දිගින් වැඩිම කේශ කලාපය හිමි යෞවනිය ලෙස ගිනස් වාර්තාව පිහිටුවීමට ඉන්දියාවේ 17 හැවරීදී නීලන්ෂී පටෙල් සමත් වූවාය.ඇගේ කෙස් වැටියේ දිග අඩි 6 අඟල් 2ක් හෙවත් සෙ.මී. 190ක් පමණ වේ.

එම කොණ්ඩා පීරිම සඳහා දිනකට පැයක පමණ කාලයක් ගත වන බව නිලක්ෂි පවසයි.
වයස 6දී රූපලාවණගාරයක දී ලද අමිහිරී අත්දැකීමක් නිසා තම දියණිය කොණ්ඩය වැවීම ආරම්භ කළ බවත් පසුගිය වසර 11 තුළ ඇය එවැනි ස්ථානයකට ගොස් නැති බවත් ගුප්රාට් ප්‍රශ්නයේ මෝදක නගරවාසී ඇගේ පියා සාඩම්බරයෙන් පවසා සිටි.

තමාට කෙස් කලඹ වැවීමට අවසර දීම පිළිබදව නිලන්ෂී සිය මවුපියන් හට ස්තුති කර ඇත.

පාසල් මිතුරියන් ඇය අමතන්නේ "රපුන්සල්" යන සුරතල් නාමයෙනි. Rapunzel යනු බටහිර සුරංගනා කතාවක හමු වන දිගු වරලසක් ඇති කුමරියකගේ චරිතයයි.






No comments:

Post a Comment

Post Bottom Ad