සිරිකොතේ ගාලගෝටියක්.. රනිල්ගේ උගුලේ සජිත් වැටේ.. සජිත් තීරණාත්මකව සිරිකොතෙන් දොට්ට බහී - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 10, 2020

සිරිකොතේ ගාලගෝටියක්.. රනිල්ගේ උගුලේ සජිත් වැටේ.. සජිත් තීරණාත්මකව සිරිකොතෙන් දොට්ට බහී

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඊයේ පැවති එම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවේ දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගෙන තිබේ.

එම හමුවූ අතර මැදදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඔහුට සහාය දක්වන කණ්ඩායමද එම රැස්වීමෙන් ඉවත්ව ගොස් ඇත.
සන්ධානයේ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත්කිරීම එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් අනුමත කළ ද නව සන්ධානයේ ලකුණ අලියා ලකුණ විය යුතු බවට පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා තදින් ප්‍රකාශ කර ඇත.

වික්‍රමසිංහ මහතාට සහාය දක්වන කණ්ඩායමද මෙම මතයම දිගින් දිගටම දරා තිබේ.

කෙසේ වෙතත් මීට විරෝධය පාමින් සජිත් පේමදාස මහතා දීර්ඝ විස්තරයක් කරමින් පෙන්වා දී ඇත්තේ නව සන්ධානයේ ලකුණ සියලු දෙනාටම එකඟ විය හැකි පොදු ලකුණක් විය යුතු බවයි.

එසේ නමුත් වික්‍රමසිංහ පාර්ශවය ඊට විරුද්ධව කරුණු දැක්වීමත් සමඟ ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස ඉවත්ව ගොස් ඇත.

අවසන් වරට සජිත් ප්‍රේමදාස මහතා දැඩිව ප්‍රකාශ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය නම් අලියා ලකුණින් තරග කර ගන්නා ලෙසත් තමන් ආරම්භ කළ දේශපාලන ව්‍යාපාරය ඉදිරියටම ගෙන යන බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad