පක්ෂ නායකයා කනෙන් අල්ලා එලියට දැමීමේ සම්ප්‍රදායක් එක්සත් ජාතික පක්ෂයේ නැති බව එම පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසයි.
පක්ෂ නායකයන් වෙනස් කිරීමට ගොස් පක්ෂය දෙකඩ කිරීමට තමන් සූදානම් නැතැයි ද ඔහු සඳහන් කළේය.
කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර කැමැත්ත වී ඇත්තේ ඉදිරි සංධානයක දී අලියා ලකුණින් තරග කිරීමට බවද ඔහු සඳහන් කළේය.
අලියා ලකුණ නැතුව තමන් ඉදිරි මැතිවරණයට තරග නොකරන බවද ඔහු පැවසීය.
දැනට යෝජනා කර ඇති හදවත ලකුණ සමාජ ජාලාවල දැඩි සමච්චලයට ලක්ව ඇති බවත් එවන් හාස්‍යජනක ලකුණකින් සිදුවන්නේ තිබුණු ඡන්දය නොමැතිවීම යයිද දිසානායක මහතා සඳහන් කළේය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
-lankacybernews.
Thursday, February 13, 2020
‘හදවත’ ලකුණ අමු ජෝක් එකක්,මේ වගේ මෝඩ ලකුණකින් අලියට තියෙන ඡුන්ද ටිකත් නැති වෙනවා.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment