සජිත්ගේ ‘හදවත’ පක්‍ෂයට එජාපය කොචොක් කරති.. සීනිබෝල ලකුණක් යයි කියති - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 11, 2020

සජිත්ගේ ‘හදවත’ පක්‍ෂයට එජාපය කොචොක් කරති.. සීනිබෝල ලකුණක් යයි කියති

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම විසින් මීළඟ මැතිවරණය තරග කිරීමට සූදානම් කර ඇති පක්ෂය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සමච්චලයට ලක් කර ඇති බව වාර්තා වෙයි. ඊයේ දිනයේ පැවති එම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී නව පක්ෂයේ සලකුණ වන ‘හදවත’ ලකුණ දැඩි ලෙස උපහාසයට ලක් කර ඇත.
එය දේශපාලන පක්ෂයකට පෞරුෂත්වයට නොගැළපෙන බවත් එය සියළු වයස්වල ජනතාව අතර තහවුරු කිරීමට අසීරු බවත් ඔවුහු පෙන්වා දී ඇත.

සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම විසින් මැතිවරණ කොමිසමට භාර දී ඇති ‘සමගි ජාතික බලවේගය’ නව සන්ධානය ‘හදවත’ ලකුණ යටතේ ලියාපදිංචිය පිළිගැනීමට එම කොමිසම තීරණය කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad