වව්නියාවේ තවත් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් අලුතින් 134 ක් රැගෙන එයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 17, 2020

වව්නියාවේ තවත් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් අලුතින් 134 ක් රැගෙන එයි

වුනියාව පම්පමඩුව පිහිටි 23 වන පාබල හමුදා අනුඛණ්ඩ යුද හමුදා කඳවුර තුළ තවත් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට යුද හමුදා නිළධාරීන් පියවර ගැනීමෙන් පසු එම මධ්‍යස්ථානය වෙතට නිරෝධායනය සඳහා පුද්ගලියන් 134 දෙනෙකු මේ වන විට රැගෙන විත් ඇත.
විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් නිරෝධායන කටයුතු වෙනුවෙන් වවුනියාව පම්පමඩුව කාන්තා අනුඛණ්ඩ කඳවුර තුළ ස්ථාපිත කළ නිරෝධායන මධ්‍යස්ථානයට  අමතරව (16) දිනයේ වවුනියාව පම්පමඩුව පිහිටි 23 වන පාබල හමුදා අනුඛණ්ඩ යුධ හමුදා කඳවුර තුළ තවත් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කොට ඇත.

මේ අනව නව නිරෝධායන මධ්‍යස්ථානය වෙත නිරෝධායනය වෙනුවෙන් මැදපෙරදිග රටව සිට ලංකාවට පැමිණි පුද්ගලයින් 134 දෙනෙකු රැගෙන යුධ හමුදා ආරක්ෂාව යටතේ බස් රථ මගින් නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබීය.

මීට පෙර විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 265 දෙනෙකු නිරෝධායන කටයුතු වෙනුවෙන් වවුනියාව පම්පමඩුව යුධ හමුදා කදවුර වෙතට 13 වනදා සවස රැගෙන එනු ලැබීය.

මේ අතර වවුනියාව පම්පමඩුව කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට විරුද්ධව පසුගියදා වවුනියාව ප්‍රදේශවාසීන් පිරිසක්ද විරෝධතාවයකද නිරත වෙමින් කියා සිටියේ කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමෙන් වව්නියාවේ මෙන්ම උතුරේ ජනතාවද දැඩි අවධානමක සිටින බැවින් වහාම එම මධ්‍යස්ථානයන් වසා දමන ලෙසටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


No comments:

Post a Comment

Post Bottom Ad