කොරෝනා නිරෝධායනයේ සිටින අයගේ නිවාසවල පොලිසියෙන් දැන්වීම් අලවයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 17, 2020

කොරෝනා නිරෝධායනයේ සිටින අයගේ නිවාසවල පොලිසියෙන් දැන්වීම් අලවයි !

මාර්තු 01 දා සිට මාර්තු 9 දා තෙක් ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් 548ක් තමන් පිළිබඳ තොරතුරු පොලිස් ස්ථාන වෙත ලබාදී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

මේ පිළිබඳව තොරතුරු ලබාදීමට 011-2444480, 011-2444481,011-5978720, 011-5978730, 011-5978734 යන අංක හෝ lahd@police.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමුකළ හැකි බවත් ඔහු පැවැසීය.
මේ අතර ස්වයං නිරෝධානයට ලක්වන පිරිස් සිටින නිවෙස්වෙත පොලීසිය මගින් දැන්වීමක් අලවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

එම දැන්වීමෙන් ඔවුන්ට කොවිඩ් 19 වැළඳී ඇති බවට තහවුරු නොකරන බවත් ඔවුන්ව කොන් කිරීමෙන් වළකින ලෙසත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.

දින නියමකරගත් විවාහ උත්සව වලදී කුඩා ප්‍රමාණයක් සම්බන්ධකරගෙන එය පැවැත්විය හැකි බවත් ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබාගන්නා ලෙසත් ඔහු පැවැසීය.

– ada


No comments:

Post a Comment

Post Bottom Ad