බොරතෙල් 41%ක් බැහැලා.. පෙට‍්‍රල් 80ට, ඩීසල් 61ට අඩු කරනු.. නැතොත් මහ පාරේ අරගල කරනවා - සජිත් ප්‍රේමදාස - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 11, 2020

බොරතෙල් 41%ක් බැහැලා.. පෙට‍්‍රල් 80ට, ඩීසල් 61ට අඩු කරනු.. නැතොත් මහ පාරේ අරගල කරනවා - සජිත් ප්‍රේමදාස

ද වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක් 41% කින් මිල පහළ ගොස් ඇති නිසා මෙරට වෙළඳපොලේද ඉන්ධන මිල 41% කින් වහාම පහත දමන්නැයි හිටපු විපක්ෂ නායක සහමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටී. පිටකෝට්ටේ තම පක්ෂ කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ මෙරට වෙළඳ පොළේ පෙට‍්‍රල්,ඩීසල්,භූමිතෙල් පමණක් නොව ගෑස් මිලද අඩු කල යුතු බවයි.
ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 94ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 80ක්, ඩීසල් ලීටරයක් 61ක්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 77 දක්වාත් අඩු කල යුතු බවද ඔහු පැවසීය.

එමෙන්ම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1000කට අඩුවෙල් ලබාදිය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

රජය විසින් මේ ආකාරයට ඉන්ධන මිල අඩු නො කරන්නේ නම් ඊට එරෙහිව පාරට බැස අරගල කර එම අයිතීන් දිනා ගැනීමට කටයුතු කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad