පළමු ශ‍්‍රී ලාංකික කොරෝනා රෝගියාගේ අවසන් චාරිකා විස්තරය, නැවතුන හෝටල් මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 11, 2020

පළමු ශ‍්‍රී ලාංකික කොරෝනා රෝගියාගේ අවසන් චාරිකා විස්තරය, නැවතුන හෝටල් මෙන්න

කොරෝනා වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකික පුද්ගලයාගේ අවසන් දින කිහිපයේ ගමන් විස්තරය මේ වනවිට හෙළි වී තිබේ.

සංචාරක මගපෙන්වන්නකු වන ඔහු කොළඹ මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පසුගිය සති දෙක පුරා මෙම පුද්ගලයා ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමක් සමඟින් චාරිකාවේ දී ඇත.

දඹුල්ල, මහනුවර, පොලොන්නරුව, දික්වැලල යන ප‍්‍රදේශවල මෙම සංචාරයන් සිදුකර තිබේ.

අමායා ලේක්, දික්වැල්ල රිසෝට්, රෝයල් කැන්ඩියන් යන හෝටල් වල මෙම පිරිස නවාතැන්ගෙන සිටි බවද හෙළි වී ඇත.

මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ මෙම පුද්ගලයා ඉතාලි කණ්ඩායම සමඟ සංචාරයට පෙර පවා කොරෝනා ලක්ෂණ පෙන්වා ඇති බවයි.

එනම් මෙම සංචාරයට පෙර ඔහුගේ ශරීරයට වෛරසය ඇතුළු වී ඇතැයි සැක සහිත බවද ඔවුන් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad