කරන නිරෝදායනයක් නෑ,බස් රථ පිටින් නවත්වා දිය ඇලිවලින් නානවා.- එජාප හිටපු මන්ත‍්‍රී හේෂා විතානගේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 13, 2020

කරන නිරෝදායනයක් නෑ,බස් රථ පිටින් නවත්වා දිය ඇලිවලින් නානවා.- එජාප හිටපු මන්ත‍්‍රී හේෂා විතානගේ

කොරෝනා ව්‍යාප්ත වෙමින් ඇති රටවලින් එන පුද්ගලයන් සදහා යුද හමුදාව මැදිහත් වී සිදුකරමින් පවතින නිරෝධායන කටයුතු එජාප හිටපු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා විසින් දැඩි ලෙස විවේචනය කළේය.

නිරෝධායන කඳවුරු වෙත එම මගින් ගෙන යන බස්රථ අතරමග නවත්වා දිය ඇලිවලින් දිය නාමින් සිටින බවද ඔහු පැවසීය.

ඊයේ දින බළන්ගොඩ ප්‍රදේශයේ සුරතලී ඇල්ල ප‍්‍රදේශයේ මෙම නිරෝධාන බස් රථයක සිටි පිරිසක් දියනෑමට සැලසූ බව ද ඔහු පැවසීය. ඒ බව තහවුරු කළ හැකි සාක්ෂි තමන් සතු බව ද ඔහු සඳහන් කළේය.

එවන් කටයුතු සිදු වෙද්දී ජනතාවට වෛරසය බෝ නොවන්නේ යයි දිය හැකි සහතිකය කුමක්දැයි ඔහු ප‍්‍රශ්ණ කලේය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී රජයේ ඉහළ ප්‍රකාශකයෙකු කියා සිටියේ එම චෝදනා බැහැර කරන බවය.

හමුදාවේ ආරක්ෂාව සහිතව මෙම පුද්ගලයන් සමග බස්රථ ප්‍රවාහනය කරන බවත් ජනාකීර්ණ කිසිදු ස්ථානයක එම බස්රථ නවත්වන්නේ නැති බවත් ඔහු පැවසීය.
-lankacybernews.

No comments:

Post a Comment

Post Bottom Ad