කටුනායක වැහුවා කියා ඉතාලියේ ලාංකිකයෝ විරෝධයේ,එරට ගුවන් තොටට වී ලංකාවට සාප කරති.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 13, 2020

කටුනායක වැහුවා කියා ඉතාලියේ ලාංකිකයෝ විරෝධයේ,එරට ගුවන් තොටට වී ලංකාවට සාප කරති..

ලංකාවට ඇතුළුවීම සඳහා ඉතාලියේ සිට පැමිණෙන්නන්ට අවස්ථාව තහනම් කිරීම හේතුවෙන් ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරට රජයට විරෝධය පළකරයි.

ශ්‍රී ලංකාව බලා ඒමට ඉතාලියේ ගුවන්තොටුපළට පැමිණි ඔවුන් අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ මුදාහරිමින් අදහස් පළ කරමින් මෙම විරෝධතාවන් එල්ල කරති.

ජනාධිපතිවරණයේදී ඡන්දය දැමීමට විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට දැක්වූ උනන්දුව කොරෝනා අර්බුදයේදී වෙනස් වී ඇතැයිද ඔවුහු චෝදනා කරති.

ශ්‍රී ලංකාවට ගුවන් ගමන අත්හිටුවා ඇති බව තමන් දැනගත්තේ ගුවන්තොටුපළට පැමිණ ඉන්පසු බවත් මේ වන විට දරුවන්ද සමගින් ගුවන් තොටුපලේදී තමන් සිරවී වී ඇති බවත් ඔවුහු කියා සිටිති.

-lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad