දියවන්නාවේදීත් අර්ජුනගෙන් හයේ පාරක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 14, 2020

දියවන්නාවේදීත් අර්ජුනගෙන් හයේ පාරක් !

වැඩිම දිස්ත්‍රික්ක සංඛ්‍යාවකින් වැඩිම පක්ෂ ගණනකින් මහ මැතිවරණවලට තරග කර අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් අර්ජුන රණතුංග වාර්තා තබා ඇත.

ඔහු පක්ෂ හතරකින් දිස්ත්‍රික්ක තුනකින් මහ මැතිවරණ හතරකට තරග කර අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

පළමුව පොදුජන එක්සත් පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කර 2001 දෙසැම්බර් 19 දින සිට 2004 පෙබරවාරි 07 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයට 2004 මහ මැතිවරණයට තරග කර ඉන් ජය ලබා 2010 අප්‍රේල් 08 වැනි දින දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත.

2010 මහ මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයට ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග කර 2-15 ජුනි 26 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

එක්සත් ජාතික පෙරමුණෙන් 2015 මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කර 2020 මාර්තු දෙවැනි දින දක්වා 2001 සිට අඛණ්ඩව වසර 17ක්, මාස 10ක් හා දින 11ක් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත.

චමින්ද සේනාරත්න


No comments:

Post a Comment

Post Bottom Ad