ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (17) අග්නිදිග ආසියාවේ රටවලට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.
"තත්ත්වය වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා. වෛරසය වැඩි පිරිසකට ආසාදනය වීම වැළැක්වීම සඳහා අප ගන්නා සියලු උත්සහයන් වහා ම වැඩි කළ කළ යුතුයි," ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය පූනම් ඛෙත්‍රපල් සිං පැවසීය.
"සමූහ වශයෙන් වෛරසය සම්ප්‍රේෂණය වෙන බව තහවුරු වෙලා තියෙනවා. මෙය සුපරීක්ෂාකාරී හා ඵලදායී සෝදිසියක් පිළිබද අනතුරු ඇඟවීමක් වන අතර, COVID-19 තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා වඩාත් ක්‍රියාශීලී හා සමස්ත සමාජ ප්‍රයත්නයක අවශ්‍යතාව ද එමගින් අවධානයට ලක් කරනවා."
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයට අයත් රටවල් 11 අතරින් රටවල් 8ක කොරෝනාවෛරසය ආසාදිතයින් තහවුරු වී තිබේ.
තායිලන්තය - 177
ඉන්දුනීසියාව - 134
ඉන්දියාව - 125
ශ්‍රී ලංකාව - 43
මාලදිවයින් - 13
බංග්ලාදේශය - 05
නේපාලය - 01
භූතානය - 01
ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීත්වය
කොරෝනාවෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා ශ්‍රී ලංකාව මේ වන විට පියවරයන් රැසක් අනුගමනය කරමින් සිටියි.
එම වැඩපිළිවෙළෙහි කොටසක් ලෙස අද (18) මධ්‍යම රාත්‍රියේ සිට මගී ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බැස්වීම සති දෙකක කාලයක් සදහා අත්හිටුවා තිබේ.
ඊට අමතරව, කොරෝනාවෛරසය වැඩි වශයෙන් පැතිර ගිය රටවල සිට පැමිණි නිරෝධායන ක්‍රියාවලියට සහභාගි නොවූ පිරිස් හදුනාගෙන ඔවුන් නිරෝධායනයට එක් කිරීමට සැලසුම් කර තිබේ.
රජය උපදෙස් දී ඇත්තේ, පුද්ගල ඒකරාශී වීම් සහ විනෝද හෝ වන්දනා ගමන්වල නිරත නොවන ලෙසය.
මේ අතර, ඓතිහාසික ස්ථාන, උද්භිද උද්‍යාන මෙන් ම රාජ්‍ය ආයතනවලට ජනතාව පැමිණීම අවම කිරීමට ද රජය පියවර ගෙන තිබේ.
(බීබීසී සංදේශය)
Wednesday, March 18, 2020
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලංකාව අයත් කලාපයට අනතුරු ඇගවීමක් !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment