ජයවර්ධනපුර විශ්ව විද්‍යාල සිසුවාගේ අනතුර ඇසින් දුටු සිසුවා පොලිසියට හමුවේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 10, 2020

ජයවර්ධනපුර විශ්ව විද්‍යාල සිසුවාගේ අනතුර ඇසින් දුටු සිසුවා පොලිසියට හමුවේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය කළමනාකරණ පීඨ ශිෂ්‍යයාට සිදුවූ බරපතළ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා කමිටු දෙකක් පත් කර තිබෙනවා.

විශ්වවිද්‍යාල මට්ටමින් එක් කමිටුවක් ද කළමනාකරණ පීඨයෙන් තවත් කමිටුවක්ද මෙලෙස පත් කර ඇති බව වාර්තා වනවා.
මේ අතර සිද්ධිය දුටු ජ්‍යෙෂ්ඨ සිසුවාගෙන් ඊයේ (10 වැනිදා) ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

අනතුරට ලක්වීමෙන් පසු ශිෂ්‍යයා රෝහල්ගත කිරීම සඳහා යුහුසුළුව කටයුතු කර ඇත්තේ මෙම ශිෂ්‍යයායි.

පොලිසිය ඊයේ (10 වැනිදා) විශ්වවිද්‍යාලයට පැමිණ සිද්ධිය පිළිබඳ පරීක්ෂා කර ශිෂ්‍යයාගේ සිරුරේ ගැටුණු ටයරයේ ඇඟිලි සලකුණුද ලබාගෙන තිබුණා.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විශ්වවිද්‍යාලයට පැමිණ උපකුලපති මහාචාර්ය ලියනගේ ඇතුළු පීඨාධිපතිවරුන් සමග ඊයේ (10 වැනිදා) පැය දෙකක පමණ කාලයක් සාකච්ඡා කර තිබෙනවා.අනතුරට ලක්වූ ශිෂ්‍යයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad