හම්බන්තොට පොහොට්ටුවේ අයට මුලින්ම මනාප දෙන්න,උකුස්සන්ට එපා.- චමල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 10, 2020

හම්බන්තොට පොහොට්ටුවේ අයට මුලින්ම මනාප දෙන්න,උකුස්සන්ට එපා.- චමල්

මෙවර මහ මැතිවරණයේදී මනාප ලබා දීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන්ට ප්‍රමුඛතාවය ලබා දෙන්නැයි ඇමැති චමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළේය.

හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක, අජිත් රාජපක්ෂ, කපිල දිසානායක, ලයනල් සුබසිංහ, උපුල් ගලප්පත්ති සහ තමන් පොහොට්ටුවෙන් ඉල්ලන බවත් උකුස්සාගෙන් තරග වදින්නේ මහින්ද අමරවීර මහතා බවත් ඔහු පැවසීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර පහක් ලබා ගත හැකි බවත් එම පහ තේරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මුල්කරගෙන සිතන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

හම්බන්තොට දී පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad