පානදුර සිට මීගමුව දක්වා ආරක්ෂාවට හදිස්සියේ STF යතුරුපැදි කණ්ඩායම් හතරක් දමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 11, 2020

පානදුර සිට මීගමුව දක්වා ආරක්ෂාවට හදිස්සියේ STF යතුරුපැදි කණ්ඩායම් හතරක් දමයි

පානදුර සිට මීගමුව දක්වා වෙරළබඩ තීරයේ විශේෂ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා යතුරුපැදි කණ්ඩායම් හතරක් යොදවා තිබේ.

මින් එක් කණ්ඩායමක් යතුරුපැදි හතකින් සමන්විතය. ගෝනහේන සහ හොරණ විශේෂ කාර්ය බළකා කඳවුරු තුළ සිටින මෙම යතුරුපැදි කණ්ඩායම් දෙකක් කොළඹ සිට මීගමුව දක්වා ආරක්ෂාව සැලසීම සඳහා මෙහෙයුම් සිදුකරනු ඇත.

මොරටුව සහ ජයවර්ධනපුර කඳවුරුවල සිටින කණ්ඩායම් දෙක විසින් කොළඹ, කිරුළපන, ගල්කිස්ස, පානදුර, මොරටුව ඇතුළු ප්‍රදේශ ආවරණය වන පරිදි ආරක්ෂක මෙහෙයුම් දියත් කරනු ලැබේ.

මේ පිළිබඳව විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසූ අවස්ථාවේදී ප්‍රකාශ කළේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා මෙම මෙහෙයුම් නිරන්තරයෙන් සිදු කිරීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම ඉදිරියේදී හලාවත, පුත්තලම දක්වාද මෙහෙයුම් සිදු කිරීමට කුරුණෑගල කඳවුරේ යතුරුපැදි යොදා ගැනීමටද අදහස් කරන බවත්, ඉරිදා දිනවලදී ක්‍රිස්තියානි පල්ලිවලට විශේෂ ආරක්ෂාව සැපයීමක් සිදු කරන බවත් හෙතෙම පැවසීය.

එසේම මෙම මෙහෙයුම් මගින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ද අත්අඩංගුවට ගැනීමට හැකිවන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad