සජිත් UNP එකත් ඉවර කළා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 11, 2020

සජිත් UNP එකත් ඉවර කළා

පුංචි බබාලා ටිකක් සෙල්ලමට වතුර ගහ ගන්නවා ඒකට අපි කළබල වෙන්න අවශ්‍ය නැහැ. පොඩි අය රණ්ඩු වුනාට ලොකු කට්ටිය රණ්ඩුවෙන්නේ නැති බැව ගාල්ල දිස්ත්‍රික්ක එ.ජ.නි. සන්ධානයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඊයේ (10) ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදි පැවසීය.

නිෂාන්ත මුතුහෙට්ටිගම මහතා තවදුරටත් අදහස් දක්වමින් මෙසේද කිවේය.

ඉදිරි මහ මැතිවරණයේ දි අපි සන්ධානයක් වශයෙන් එකතුවි තරඟ කළ යුතුමයි. අපි දැවැන්ත ජයග්‍රහණයක් ලබනවා. ඔය සෙල්ලම්කරණ පොදුජන සන්ධානයේ පොඩි අයට කියනවා. අපි එකතුවෙලා වැඩකරමු. රණ්ඩු වු කාලය අවසන්. පසුගිය ජනාධිපතිවරණයේ දි ඝෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවුනේ ශ්‍රි.ල.නි.පක්ෂයේ කතිරයත් පාවිච්චි කරලා. එහෙම නොවුනානම් ලොකු ප්‍රශ්නයකට එතුමා යනවා. ඒ නිසා ශ්‍රි.ල.නි පාක්ෂිකයින්ද රැකගෙන මේ ගමන යමු කියලා මා ආරාධනා කරණවා.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දි තුනෙන් දෙකක බලයක් තියෙන පාර්ලිමේනතුවක් හදන්න ජනාධිපතිවරණයේ දි දුන් ලක්ෂ 69 ලක්ෂ 79 දක්වා වැඩිකළ යුතුයි. රට හදන්න, ගම, නගර හදන්න, උද්ධමනය අඩුකරන්න, ආර්ථික සංවර්ධන වේගය වැඩි කරන්න, රට ගොඩනගන්න පුළුවන් යුගයක් පොහොට්ටුව ජයග්‍රහණය කිරිමෙන් පසු ඇති කරන්න පුළුවන්.

සජිත් ප්‍රේමදාස මහතා අපට කිසිඳු අභියෝගයක් නෙවෙයි. UNPය පසුගිය මැතිවරණයේ දි ගත්තේ ඡන්ද 55 ලක්ෂයයි. පරතරය 14 ලක්ෂයක් වෙනවා. අලියා වෙනම යනවා. සජිත් සමගි ජන බලවේගයෙන් වෙනම තරඟ කරණවා. ද්‍රවිඩ සන්ධාන දෙකට තුනකට කැඩිලා. ඉදිරි මහ මැතිවරණයේ පාර්ලිමේන්තුව තුල අඩුම මන්ත්‍රීධූර සංඛ්‍යාවක් හිමිකරගන්නා සන්ධානයේ නායකයා බවට සජිත් ප්‍රේමදාස පත්වෙනවා. සජිත් ප්‍රේමදාස UNPත් ඉවර කළා. හංසයාත් ඉවරයි. සජිතුත් කපොතියි. ශ්‍රි ලංකා පොදුජන සන්ධානයේ ජයග්‍රහණය ස්ථිර බවද නිශාන්ත මුතුහෙට්ටිගම හිටපු මන්ත්‍රිවරයා සදහන් කළේය. 

ගාල්ල - කමල් විජේහේවා

No comments:

Post a Comment

Post Bottom Ad