රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ එදින පෙරවරුවේ මෙම රැස්වීම පැවැත්වෙන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
රට තුළ පැතිරයමින් පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමඟ ප්‍රකාශයට පත් කර තිබූ මහ මැතිවරණය පැවැත්විමේ කාලසීමාව දීර්ඝ කෙරුණි.
ඒ අනුව මැතිරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා මෙම රැස්වීම පැවැත්විමට නියමිත බව වාර්තා වෙයි.
මැතිවරණ කොමිෂමේ නිලධාරින් සිදු කරන සාකච්ඡාවෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරින් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් ද සැලසුම් කර තිබේ.
කෙසේවෙතත් මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මෙහිදී අවධානයක් යොමු නොවනු ඇති බව සඳහන්.


No comments:
Post a Comment