පාස්කු ඉරුදින මෙරට කතෝලික දේවස්ථානවලට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවට වසරක් සපිරෙන ලබන 21 වනදා පෙර සැලසුම් කර තිබූ සියලූ වැඩසටහන් අවලංගු කර ඇති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.
අගරදගුරු නිල නිවසේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ රටතුල පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙම තීරණය ගත් බවයි.

No comments:
Post a Comment