වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් බල ප‍්‍රදේශයේ තෙලූල්ල ජනපදය නයිගල් ආර ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිතුනක් වන තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ එම තරුණියගේ සහෝදරියක් සහ ඇගේ අනියම් සැමියා බවට පැවසෙන පුද්ගලයකු ඌව කුඩාඔය පොලිසිය විසින් පෙරේදා (28 දා) පස්වරුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තරුණිය පසුගිය පස් වැනිදා නිවසෙන් අතුරුදන් වී ඇති බවට ඌව කුඩාඔය පොලිසියට තොරතුරක් ලැබී තිබිණි.
ඒ ඔස්සේ සිදු කළ විමර්ශන සහ මියගිය මෙම තරුණියගේ පෙම්වතාගේ උපක‍්‍රමශීලී භාවය නිසා ඊයේ දින (29 දා) දින මෙම අපරාධය පිළිබඳව තොරතුරු අනාවරණය විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සහෝදරිය සහ ඇගේ අනියම් සැමියා විසින් ඝාතනය වූ තරුණිය වැඩට යෑම සඳහා මාර්ගයේ ගමන් කරමින් සිටින අතරතුර ඒ මාර්ගය අසල ඇති කෑලෑවකට රැගෙන ගොස් පොල්ලකින් පහර දී මරා දමා ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත. එම ඝාතනය සිදු කළ ස්ථානය සැකකරුවන් විසින් පොලිසියට පවසා ඇති අතර පසුව පොලිසිය එම ස්ථානයට ගොස් සොයා බැලීමේ අස්ථි කොටස්, හිස් කබල, ඇඳුම් සහ බෑගයක්ද සොයාගෙන තිබේ.
දැනට අනාවරණය වන තොරතුරු අනුව මෙම මියගිය තරුණිය ජීවත් වූ නිවස ලබා ගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදු කර ඇති බවට අනාවරණය වී ඇති බව කුඩාඔය පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව වයස අවුරුදු විසි අටක් වන තැනැත්තියක් වන අතර ඇගේ අනියම් සැමියා බවට පැවසෙන පුද්ගලයා වයස අවුරුදු දහ අටක පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් වැල්ලවාය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත දීපාල් විජේසේකර
මහතාගේ උපදෙස් හා අධීක්ෂණය මත ඌව කුඩාඔය පොලිසිය ස්ථානාධිපති ප‍්‍ර. පො. ප ප‍්‍රසාද් සිරිවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
-Divaina
Saturday, May 30, 2020
නිවසේ අයිතිය ගන්න එක කුස උපන් අක්කා නංගිව මරා කැලේට දාලා.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment