අද කොරෝනා ආසාදිතයන් 09ක් මිය යයි.. තොරතුරු මෙන්න.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 21, 2020

අද කොරෝනා ආසාදිතයන් 09ක් මිය යයි.. තොරතුරු මෙන්න..

අද (21) දිනය තුළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 09 දෙනකු මරණයට පත්වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 83කි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද එම මරණ වල තොරතුරු මෙසේය.

කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනය සමග නිවුමෝනියා ආසාදන තත්ත්වය සහ ආසාදන කම්පනයයි.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 65 වන පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇත. අධික රුධිර පීඩනය, දියවැඩියා රෝගී තත්ත්වය සමග කොරෝනා ආසාදනය වීම මරණයට හේතුවයි.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා නිව්මෝනියා තත්ත්වය යි.

කොළඹ 10 පදිංචි අවුරුදු 45 ක් වයසැති කාන්තාවන් නිවසේ දී මිය ගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනය සමග ඇති වූ හෘදයාබාදයකි.

කොළඹ 10 පෙදෙසේ පදිංචි අවුරුදු 72ක් වයසැති පුද්ගලයෙකු නිවසේදීම ගොස් ඇත. දියවැඩියාව, අධික රුධිර පීඩනය සමග කොරෝනා ආසාදනය හේතුවෙන් ඇතිවූ හෘදයාබාධයකින් මරණයට හේතුවයි.

No comments:

Post a Comment

Post Bottom Ad