රජයේ වෛද්‍ය රෙදි සෝදන්නන්ගේ සංගමයකුත් තියනවද ? (Video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 21, 2020

රජයේ වෛද්‍ය රෙදි සෝදන්නන්ගේ සංගමයකුත් තියනවද ? (Video)

කොරෝනා පළමු ව්‍යාප්තිය අවස්ථාවේදී සමස්ත රටම ලොක්ඩවුන් කිරීම හේතුවෙන් රටට ආර්ථිකමය වශයෙන් සිදු වූ පාඩුව රුපියල් බිලියන 900 ක් බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා. මාර්තු මාසයේදී රටම ලොක්ඩුවන් කරන්නැයි කියමින් දැඩි ලෙස පෙනී සිටි ඇතැම් වෛද්‍ය වෘත්තීය සංගම් අද ඒ පිළිබඳව කතා නොකරන බවයි වෛද්‍යවරයා පවසන්නේ.

විවිධ අසත්‍ය ප්‍රචාර සිදු කරමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ මාධ්‍ය ආයතන එක්ව මාධ්‍ය මාෆියාවක් ක්‍රියාත්මක කරන බවත්, එම මාෆියාව හමුවේ සෙසු සංගම්වල අදහස්වල කිසිදු අවස්ථාවක් නොමැති බවත් වෛද්‍යවරයා පවසනවා. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විවිධ අසත්‍ය ප්‍රචාර ගෙනයමින් වත්මන් රජයට කඩේ ගිය බවත්, ඒ අනුව එම සංගමය රජයේ වෛද්‍ය රෙදි සෝදන්නන්ගේ සංගමය ලෙස හැඳින්වීම වඩාත් සුදුසු බවත් රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.

ලොව බොහෝ රටවල් ඒ ඒ රටවල දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 10 - 20 ත් අතර ප්‍රමාණයක් කොවිඩ් වසංගතයෙන් සිය ජනතාව ගලවා ගැනීමට වෙන් කරද්දී ශ්‍රී ලංකාව වෙන්කර තිබෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට එකකටත් වඩා අඩු මුදලක් බවද ඔහු පවසනවා. එසේ තිබියදී රජයේ වෛද්‍ය රෙදි සෝදන්නන්ගේ සංගමය, ඉන්දියාව වැනි රටවල කොවිඩ් වෛරසය හේතුවෙන් අසරණ වී සිටින ජනතාව දෙසවත් එම රටවන නායකයන් නොබලන බවට චෝදනා කළ බවද රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.

No comments:

Post a Comment

Post Bottom Ad