ඇත්තටම ඊයේ සිදුවුණේ කොරෝනා මරණ 4ක් පමණයි. අනිත් 5 පෙරේදා සහ කලින් ඒවා - හමුදාපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 21, 2020

ඇත්තටම ඊයේ සිදුවුණේ කොරෝනා මරණ 4ක් පමණයි. අනිත් 5 පෙරේදා සහ කලින් ඒවා - හමුදාපති

ඊයේ දිනයේ ඇත්ත වශයෙන්ම වාර්තා වුණේ කොවිඩ් මරණ 4ක් පමණක් බවත් අනෙකුත් මරණ ඊට පෙර දින දෙකක වාර්තා වූ ඒවා බවත් ඒ සියල්ල එකතු වී ඊයේ දිනයේ මරණ 9ක් ලෙස වාර්තාව නිකුත් වී ඇති බවත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

"ඇත්තටම ඊයේ (21) කොවිඩ් මරණ 9ක් වාර්තා වුණා කියලා කිව්වාට මං ඒ සබැඳිව හොයලා බැලුවාම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ඒ වෛද්‍යවරුන් පැවසුවේ මේ මරණ 9න් එක් මරණයක් 19 වෙනිදා වෙච්ච මරණයක වාර්තාවක් තමයි ඊයෙ හම්බුවෙලා තියෙන්නෙ. ඒත් එක්කම මරණ 4ක් පෙරේදා දිනයේ නැතිනම් 20 වෙනිදා වාර්තා වෙච්ච ඒවා තමයි ඊයෙ දිනයේදි සම්පූර්ණ කොවිඩ් සම්බන්ධද නැත්නම් මොන රෝගයෙන්ද කියන වාර්තා එක්ක නිකුත් වෙලා තියෙන්නෙ. 

නැත්නම් ඊයෙ දිනයට ඇත්තටම වාර්තා වෙලා තියෙන්නෙ මරණ 4ක් පමණයි. නමුත් මේ වාර්තා වීම් පසුගිය දින දෙකක ඒවා එකතුවෙලා තමයි මේ ආකාරයෙන් 9ක් ලෙස වාර්තා වූ බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ" යැයි ඒ මහතා ප්‍රකාශ කළේය. 

හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ අද (22) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමිනි. 

No comments:

Post a Comment

Post Bottom Ad