පිළිමතලාවේ ප්‍රේමදාසගේ ඔරලෝසුව ඉවත් කරලා - විරෝධය පා කලු කොඩි දමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 21, 2020

පිළිමතලාවේ ප්‍රේමදාසගේ ඔරලෝසුව ඉවත් කරලා - විරෝධය පා කලු කොඩි දමයි


පිළිමතලාව නගරයේ පිහිටා ඇති ඔර්ලෝසු කනුව කඩා බිද දමා ඉවත් කිරිමට විරෝධය පා යටිනුවර ප්‍රාෙද්ශිය සභාවේ මන්ත්‍රිවරු පිරිසක් ඊයේ (21) කලුකොඩි දමා ඊට විරෝධය පැය.

එහිදි අදහස් දැක්වු යටිනුවර ප්‍රාෙද්ශිය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත මහතා පවසා සිටියේ දිවංගත ශ්‍රීමත් ජනාධිපති ප්‍රේමදාස මහතා විසින් 1992 දි ඇගලුම් කම්හලක් විවෘත කිරිමේ සිහිවටනයක් ලෙස මෙම ඔර්ලෝසු කනුව ස්තාපිත බවයි.

වර්ථමාන රජය විසින් සෞභාග්‍යෙය් දැක්ම කියා මෙම සිහිවටනය ඉවත් කිරිමෙන් පිලිමතලාව නගරයේ මාර්ග තදබදය ඉවත් වෙනවා කියා මෙය ඉවත් කිරීම සුදුසු නැති බවත් මාර්ග තද බදය ඉවත් කිරිමට විකල්ප මාර්ගයක් සාදනවා වෙනුවට මාර්ගයේ පසෙකින් ඇති ඔර්ලෝසු කනුව ඉවත් කිරිමෙන් මාර්ග තද බදය නැති වනවා යන්න කියා මෙය ඉවත් කිරිම සුදුසු නැති බව චම්පික නිලන්ත මහතා පැවැසිය.

මේ සම්බන්දව අදහස් දැක්වු කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා පවසා සිටියේ නගර සභාවේ සියලුම මන්ත්‍රිවරුන්ගේ අනුමැතිය මෙම ඔර්ලෝසු කනුව ඉවත් කිරිම සදහා ලැබැනු බවත් මේ සම්බන්දව සංවර්සංවර්ධන කමිටුවේ අනුමැතිය පවා ලැබුණු බවත් පිලිමතලාව නගර සංවර්ධනයේදි ඉදිරියේදි මෙම ස්ථානයට කලර් ලයිට් ( මාර්ග විදුලි සංඥා ) දමා පදික වේදිකාවක්ද සකසා පිළිමතලාව නගරයේ මාර්ග තදබදය නවතාලිම සදහා මෙම ඔර්ලෝසු කනුව ඉවත් කරනු ලබන බවයි.

භාරත මෙන්ඩිස්





No comments:

Post a Comment

Post Bottom Ad