රස, ගද, සුවද නොදැනීම කොරෝනා විය හැකියි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 21, 2020

රස, ගද, සුවද නොදැනීම කොරෝනා විය හැකියි

ස හෝ ගඳ සුවද නොදැනෙන්නේ නම් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක කළ හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

එමෙන්ම කොරෝනා ආසාදනය වීමේ ලක්ෂණයක් ලෙස උගුරේ අමාරුව හා පපුවේ යම් රිදීමක් ඇති විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

එම ලක්ෂණ වෙනත් ඉන්ෆුවෙන්සා ඇතුළු ඇතුළු වසංගත රෝගවලදී ද මතුවන බව ද ඔහු කියා සිටියේය.

කෙසේ නමුත් උගුරේ ආබාධ දීර්ඝකාලීනව ඇති අය ඒ ගැන අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවද ඒ මහතා තව දුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad