අයවැය දෙවන වර කියවීම වැඩි ජන්ද 99 කින් සම්මතයි : රිෂාඩ් බදුර්දීන් අසනීප නිසා පාර්ලිමේන්තුවට එන්න බැහැ කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 21, 2020

අයවැය දෙවන වර කියවීම වැඩි ජන්ද 99 කින් සම්මතයි : රිෂාඩ් බදුර්දීන් අසනීප නිසා පාර්ලිමේන්තුවට එන්න බැහැ කියයි

2021 අයවැය විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ජන්ද 99 කින් සම්මත වුවා. මෙහිදී පක්ෂව ජන්ද 151 සහ විපක්ෂව 52 ජන්ද හිමිවුවා.

ජන්ද විමසීම සිදුවන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සභාවට නොපැමිණ සිටීම සම්බන්ධයෙන් මෙහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කථානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් විමසා සිටියා. 

එහිදී කථානායකවරයා කියා සිටියේ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා තමන්ට අසනීප වීම හේතුවෙන් පැමිණීමට නොහැකි බවට කියා සිටින බවයි. මෙහිදී ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන ඒම සම්බන්ධයෙන් විපක්ෂය දිගින් දිගටම සිය විරෝධය පළකර සිටියා.


No comments:

Post a Comment

Post Bottom Ad