කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති හදිසියේ මියයයි - හලාවත හිමිනමකුත් අපවත් වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 25, 2020

කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති හදිසියේ මියයයි - හලාවත හිමිනමකුත් අපවත් වෙයි


කොළඹ ගාලුමුවදොර පිටියේදී හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව රෝහල් ගත කළ බවයි.

හදිසියේ ඇද වැටී නිරෝධායනයේ සිටි හිමිනමක්ද අපවත් වූ බව අද වාර්තා විය.

නිරෝධායනය සඳහා යොමු කර සිටි හලාවත ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් මේ ආකාරයට හදිසියේ ඇද වැටී අපවත් වී තිබේ.

අදාළ හිමි නමගේ දේහය පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු සදහන් කරයි.

ගේම් සෙල්ලම් කරල සල්ලි හොයන්න මෙන්න තැනක් - මෙතනින්  Register වෙන්න

No comments:

Post a Comment

Post Bottom Ad