පාස්කු කොමිසමේ සාමාජිකයින් වෙනස් කරන්න හදද්දී කාදිනල් හිමියන්ම තමයි එපා කිව්වේ - ගාමිණි ලොකුගේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 5, 2021

පාස්කු කොමිසමේ සාමාජිකයින් වෙනස් කරන්න හදද්දී කාදිනල් හිමියන්ම තමයි එපා කිව්වේ - ගාමිණි ලොකුගේ

ත්මන් රජය බලයට පත්වීමෙන් පසු පාස්කු කොමිසමේ සාමාජිකයින් වෙනස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසක් පැවතියද එය අවශ්‍ය නොවන බවත් එම කොමිසමේ සාමාජිකයින් හොඳ බව පැවසුවේ අගරදගුරු හිමියන් බවත් අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ (05) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ අනුව සාමාජිකයින් වෙනස් කිරීම ප්‍රතික්ෂේප කළේ අගරදගුරු හිමියන් වන අතර ඒ අනුව එම කොමිසම විසින් දැන් වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඊට අමතරව බුද්ධි අංශ සහ පොලීසිය තවදුරටත් මෙහි පරීක්ෂණ කටයුතු කරගෙන යන බවත් එම පරීක්ෂණ වාර්තා නීතිපතිවරයාට භාර දීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැන නීතිපතිවරයා විසින් තීන්දුවක් ගනු ඇති බවත් හෙතෙම කියා සිටින ලදී.

කෙසේවෙතත් එම වාර්තාව ගැන රජයට කිසිම වගකීමක් නැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad