ඇප ලැබිලත් පොඩි ලැසී ගෙදර යන්න බෑ කියයි.. රජයේ ආරක්ෂාව මැද තවමත් බූස්සේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 24, 2020

ඇප ලැබිලත් පොඩි ලැසී ගෙදර යන්න බෑ කියයි.. රජයේ ආරක්ෂාව මැද තවමත් බූස්සේ !

පාතාල නායකයෙකු ලෙස සැලකෙන් පොඩි ලැසීට ඔහුට එරෙහිව නඩුවට අදාළව ඇප නියම වුව ද තවමත් බන්ධනාගාරයේ රැඳී සිටින බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් පවසයි.

ඔහු මේ බව පැවසුවේ ජනාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් පොඩී ලැසී අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේය.

“හැමදාමත් ඇප නොතියා ඉන්න බැහැ නේ ” යැයි මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළ අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පැවසුවේ, මේක මොවුන්ගේ ක්‍රමය බව ය.

එහිදී ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ප්‍රකාශ කළේ “ඇප තියන්න බැරි හේතුව කියන්න ඕනේ. බන්ධනාගාරය කියන්නෙ හැමදාම ඉන්න පුළුවන් තැනක් නෙමෙයි නේ” ලෙස ය.

මෙම තත්ත්වය නිසා බූස්ස බන්ධනාගාරයට විශාල මුදලක් වැය කරන්නට ද සිදුව ඇති බව ඊට පිළිතුරු ලෙස දිලීප පිරීස් ප්‍රකාශ කළේ ය.


No comments:

Post a Comment

Post Bottom Ad