“පාස්කු ප්‍රහාරයේ වගකීම බාරගන්න මට බැහැ” – මෛත්‍රී - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 24, 2020

“පාස්කු ප්‍රහාරයේ වගකීම බාරගන්න මට බැහැ” – මෛත්‍රී

පාස්කු ප්‍රහාරයේ වගකීම තමන් සාමූහිකව හෝ භාරගැනීමට සුදානම් නැතැයි ද එම වගකීම මෙරට සිටින සියලුම බුද්ධි අංශ භාර ගත යුතු බව ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ කියා සිටියේය. යුද හමුදා බුද්ධි සේවයේ 7000ක් තරම් බුද්ධි නිලධාරීන් මෙරට සිටි බව කියා සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන්ගෙන් ප්‍රහාරයට අදාළව අබ පියල්ලක් තරම්වත් තොරතුරු නොලැබුණු බවද කොමිසම හමුවේ කීවේය.

ප්‍රහාරයට අදාළව වාර්තා ඔවුන් භාවිත කළ ආරක්ෂක නිවාස පුහුණු කඳවුරු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොදුන් බවත් කියා සිටි හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය බුද්ධි අංශ මෙන්ම මෙරට සිටින සියලුම බුද්ධි අංශ ප්‍රහාරයේ වගකීම බාර ගත යුතු වන බවත් කීවේය.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා එක්තරා මාධ්‍යවේදියෙක් විසින් හිටපු ජනාධිපතිවරයා සමඟ මෑතකදී පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක් අඩංගු වීඩියෝවක් සාක්ෂිකරුගේ අවධානයට යොමු කළේය.

පාස්කු ඉරිදා දින සිදු වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් නොදැන සිටි හෙයින් ඒ සම්බන්ධයෙන් වගකීම භාර ගැනීමට තමන් සූදානම් නොමැති බව හිටපු ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී පවසා තිබේ.

හිටපු ජනාධිපති වරයා මේ බව කියා සිටියේ ඉස්ලාම් අන්තවාදීන් සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශන වගකීම පැවැරුනේ රාජ්‍ය බුද්ධි සේවාවට ද යන්න හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා විමසා සිටි ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි


No comments:

Post a Comment

Post Bottom Ad